28.4 C
Colombo
Monday, July 21, 2025

නදුන් චින්තක හෙවත් හරක් කටාගේ බිරිඳ මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන නෑ

Published:

තමන් මලයාසියාවේදී කෙහෙල්බද්දර පද්මේ සමග පොලිස් අත් අඩංගුවට පත්වූ බවට අසත්‍ය පුවතක් පළකළමාධ්‍ය ආයතනවලින් රුපියල් මිලියන 500 ක වන්දි ඉල්ලා නඳුන් චින්තකගේ බිරිඳ වන මහවැව මහේෂිකා මධුවන්ති නීතීඥවරයෙකු මාර්ගයෙන් අදාළ මාධ්‍ය ආයතන වෙත එන්තරවාසි යවා තිබෙනවා.

තමන් සහ තම දරුවා මැලේසියාවේදී එරට පොලිසිය විසින් කෙහෙල්බද්දර පද්මේ සමග පොලිස් අත් අඩංගුවට ගත් බවට පළවන පුවත මුළුමනින්ම අසත්‍ය හා වැරදි ප්‍රවෘත්තියක් වන අතර තමන්ව එලෙස අත්අඩංගුවට ගැනීමට කිසිඳු වරෙන්තුවක් හෝ චෝදනාවක් නොමැති බවත් ඇය පවසනවා.

එමෙන්ම තමන් සහ දරුවා සුපුරුදු පරිදි තම නිවසේ වාසය කරන බවද ඇය පවසනවා.

ඒ අනුව අදාළ අසත්‍ය පුවත පිළිබඳ අප්‍රසාදය පළකරන බවත් ඉන් තමන් සහ තම දරුවා බරපතල පීඩාවකට පත් වූ බව හා තම කීර්තිනාමයට හානියක් වූ බව පවසමින් මහේෂිකා මධුවන්ති නමැත්තිය සිය නීතීඥවරයා මාර්ගයෙන් යොමුකළ එන්තරවාසියේ සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,341FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img