27.8 C
Colombo
Monday, July 7, 2025

පන්නල ප්‍රාදේශීය සභාවේ සහ වත්තල මාබෝල නගර සභාවේ බලය සමගි ජන බලවේගයට

Published:

පන්නල ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට හිමිව තිබෙනවා.

අද (18) දහවල් මෙම ඡන්ද විමසීම පැවැත්වුණු අතර එහිදී සමගි ජන බලවේග පක්ෂය ඡන්ද 22 ක් හිමිකරගත්තා.

ජාතික ජන බලවේගයට හිමිවූයේ ඡන්ද 20 ක් පමණයි.

ඒ අනුව වැඩි ඡන්ද 02 කින් පන්නල බලය තහවුරු කරගන්නට සමගි ජන බලවේගයට හැකි වුණා.

මේ අතර පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි වත්තල මාබෝල නගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරය ලබා ගැනීමටත් සමගි ජන බලවේගයට අද (18) හැකි වුණා.

ඒ අනුව නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ විජය රාජ ප්‍රකාශ් මහතා වත්තල මාබෝල නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා ලෙස තේරී පත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img