30 C
Colombo
Sunday, October 12, 2025

නෙළුව ප්‍රාදේශීය සභාවේ සහ කින්නියා නගර සභාවේ බලය සමගි ජන බලවේගයට

Published:

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරයත් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට අද (17) හිමිවුණා.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ අජිත් චන්දන නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස අද තෝරා පත් කර ගෙන තිබෙනවා.

මේ අතර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ මොහොමඩ් මාහ්දි නගරාධිපතිවරයා ලෙස අද තෝරා පත් කර ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img