26.1 C
Colombo
Sunday, August 10, 2025

කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ ජාලය මෙරට සිට මෙහෙයවු වලස්කටා අත්අඩංගුවට

Published:

සංවිධානාත්මක අපරාධකරුවෙකුවන දැනට විදෙස්ගතව සිටින කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ ජාලය මෙරට සිට මෙහෙයවු ප්‍රධානතම සැකකරු බව පැවසෙන තිළිණ සම්පත් හෙවත් වලස්කටා නැමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම කෙහෙල්බද්දර පද්මේගේ සමීපතම ගෝලයෙකු බව කියන දිසානායකගේ දේවාන්මිනි දිසානායක හෙවත් ගම්පහ පස් දේවා නමැත්තා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පසුගිය 03 වැනිදා අත්අඩංගුවට පත් වුණා.

ඒ, ඔහු තායිලන්තයට බලා පලා යෑමට පැමිණි අවස්ථාවේදීයී.

පසුව වැඩිදුර විමර්ශන සඳහා සැකකරු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර දුන්නා.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී තවත් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට පොලිසිය සමත් වු අතර, සීදුව පොලිස් වසමේදී තවත් සැකකරුවෙක් අත්අඩංගුවට පොලිසිය පියවර ගත්තේ ඒ අනුවයි.

මෝටර් රථයකින් යමින් සිටියදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණා.

එලෙස අත්අඩංගුවට පත් වුණේ තිළිණ සම්පත් හෙවත්, වලස්කටා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 36 හැවිරිදි පුද්ගලයෙක්.

පොලිසිය පැවසුවේ ඔහු විදේශගතව සිටින කෙහෙල්බද්දර පද්මේගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය සහ අපරාධ ජාලය මෙහෙයවූ ප්‍රධාන සැකකරු බවට මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,359FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img