27.8 C
Colombo
Monday, August 25, 2025

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැන නඩු විභාගය අවසන්

Published:

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කර තිබෙනවා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.

මෙම නඩුකරයට අදාල ලිඛිත දේශනා තිබේ නම් ඒවා ලබන බ්‍රහස්පතින්දා දහවල් 12.00 පෙර ගොනු කරන ලෙසත් විනිසුරු මඩුල්ල පාර්ශවකරුවන්ට නියම කළා.

ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකට යොමු කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන්කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,395FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img