මැතිවරණයේ දී රටේ ජනතාවට යෝජනා කළ පොරොන්දු රාශියක් අද වන විට මේ රජය කඩකර ඇති බවට විශේෂ සමීක්ෂණයක් හරහා වාර්තා වෙන බවත් රටේ නීතිය හා සාමය ශක්තිමත් කරන්නට මේ රජය පැහැදිලි පොරොන්දුවක් ලබා දුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවා.
රටේ ජනතාවගේ ජිවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීමේ රටේ ප්‍රමුඛතම කාර්යක් බවට ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළත් අද වන විට මහජන ආරක්ෂාව නිසි ආරක්ෂාව සපයන්න බැරි රජයක් බිහිව ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.
මේ වන විට රටේ කැලෑ නීතිය ක්‍රියාත්මක බවත් රටේ නීතිය වල් බිහි වී නීතියේ ආධිපත්‍ය සහමුලින්ම විනාශ වී වෙඩි තැබීම් 68ක් හරහා ජීවිත 37ක් අහිමි වී ඇති බවත් මේ රජය ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් පන්ති පවත්වන්නැයි ජනතාවට කිව්වත් අද වන විට ජාතික ආරක්ෂාව මහජන ආරක්ෂාව නැති වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.
ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බවත් කුමන මොහොතක වෙඩි ප්‍රහාරයක් එල්ල වී ජීවිත අහිමි වන්නේද කියා ගැටලුවක් මතුව තිබෙන බවත් මේ අවස්ථාවේ නීතිය හා සාමයට එල්ල වී තිබෙන මරුපහර ජාතික ආරක්ෂවට තර්ජනයක් නිසා මෙය වහාම මැඩපැවැත්විය යුතු බවත් රජයට මේ වගකීමෙන් බැහැර විය නොහැකි බවත් මේ ජාතික ආරක්ෂක ගැටලුවට සමස්ත ජනතාව විසදුමක් අපේක්ෂාවෙන් සිටින නිසා ආණ්ඩුවට මේ ගැටලුවෙන් පැන යා නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.