29 C
Colombo
Saturday, July 26, 2025

ශ්‍රී දළදා මාළිගාවේ සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යය අද

Published:

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ සිව් මහා දේවාලවල කප් සිටුවීමේ මංගල්‍යය අද (25) පෙරවරු 06.05ට යෙදී තිබුණා.

පෙර සිට පැවත එන සිරිතට අනුව අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ පිහිටි “පණස වෘක්ෂයේ” පේ කොට තබන ලද ශාඛාවක් ඊයේ (24) මහනුවරට පෙරහැරින් රැගෙන ආවා.

අනතුරුව නිලමේවරුන්ගේ සහභාගිත්වයෙන් පුරාණ චාරිත්‍ර හා ආගමික වතාවත්වලට අනුව මෙම කප් සිටුවීමේ මංගල්‍යය ආරම්භ වුණා.

මේ අතර ශ්‍රී දළදා මාලිගා ඇසළ පෙරහර මංගල්‍යෙයේ ප්‍රථම කුඹල් පෙරහැර එළැඹෙන 30 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම අවසන් කුඹල් පෙරහැර අගෝස්තු 03 දින පැවැත්වීමට නියමිත අතර පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 04 වනදාත්, අවසන් මහා පෙරහැර අගෝස්තු 08 වනදාත් වීථි සංචාරය කිරීමට නියමිත‍යි.

අගෝස්තු 09 වැනිදා පවත්වනු ලබන දහවල් පෙරහැරින් පසුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,343FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img