28.4 C
Colombo
Friday, July 18, 2025

රූපවාහිනී සංස්ථාවේ මුදල් අවභාවිතය – කෙහෙළියට එරෙහි නඩුව ඔක්තෝබර් 28 කැඳවයි

Published:

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක වැඩිදුර විභාගය ඔක්තෝබර් මස 28 වන දා කැඳවීමට කොළඹ මහාධිකරණය අද, දින නියම කළා.

2014 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් වැයකර දේශපාලන කටයුතු සඳහා ජී. අයි. පයිප්ප බට 600ක් මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් “දූෂණය” නමැති වරද යටතේ මෙම නඩුව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබුණා.

නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙම නඩුව මීට පෙර වෙනත් මහාධිකරණ විනිසුරුවරයෙකු ඉදිරියේ විභාගයට ගෙන තිබුණු බැවින් එම සාක්ෂි මතම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට පැමිණිල්ලේ සහ විත්තියේ නීතිඥවරු එකඟ වුණා.

ඒ අනුව වැඩිදුර නඩු විභාගය ඔක්තෝබර් මස 28 වනදා යළි කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,333FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img