ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරයකු සහ හිටපු මන්ත්‍රීවරයකුවන සරණ ගුණවර්ධනට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව කොළඹ මහාධිකරණය ඉදිරියේ අද (30) විභාගයට ගත් අවස්ථාවේ චූදිත විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරනු ලැබුවා.
අනතුරුව විත්තිය වෙනුවෙන් සාක්ෂිදීමට සාක්ෂිකරුවන් තිදෙනෙකු නම් කළ අතර මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද, ලබන අගෝස්තු 26දා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස ඔවුන්ට සිතාසි නියම කළා.
2007 හා 2008 යන වසරවලදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා හැටියට කටයුතු කරමින් සෙනරත් හෙට්ටිආරච්චි නැමැත්තියගන් බදු පදනම යටතේ වාහනයක් ලබා ගෙන ආයතනයට රුපියල් 9,60,000ක් පාඩු කිරීමේ චෝදනාව යටතේ මෙම අල්ලස් නඩුව ගොනුකර තිබෙනවා.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ වාහන අවභාවිත කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් සරණ ගුණවර්ධනට එරෙහිව පැවරූ තවත් නඩු 2ක් මහාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඉදිරියේ විභාග වනවා.