26 C
Colombo
Friday, October 17, 2025

රවී සෙනවිරත්න හා ශානි ගැන කාදිනල් හිමි කිසිම ඉල්ලීමක් කර නැහැ – සිරිල් ගාමිණි පියතුමන්

Published:

රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර දෙදෙනා අදාළ තනතුරු සඳහා පත්කරන ලෙස අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් කිසිම අවස්ථාවක එවැනි ඉල්ලීමක් ජනාධිපතිවරයාගෙන් හෝ වෙනත් කිසිඳු පාර්ශ්වයකින් සිදුනොකළ බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණි පියතුමන් පවසනවා.

අද (21) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් සිරිල් ගාමිණි පියතුමන් මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආරම්භයේ සිටම විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මාරුකර යවා තිබූ නිලධාරීන් යළිත් එම විමර්ශන සඳහා පත්කරන ලෙස ඉල්ලීමක් කළ බවයි සිරිල් ගාමිණි පියතුමන් මෙහිදී
සඳහන් කර සිටියේ.

නමුත් කිසිම අවස්ථාවක නම් වශයෙන් සඳහන් කර රවී සෙනවිරත්න හෝ ශනි අබේසේකර හෝ වෙනත් අයෙකුගේ හෝ එම තනතුරු සඳහා පත්කළ යුතු බවට කිසිම අවස්ථාවක කාදිනල් හිමිපාණන් ඉල්ලීම් සිදුනොකළ බවයි පියතුමන් වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව රාජ්‍ය පාලනයට මැදිහත්වීමට කාදිනල් හිමිපාණන්ට හෝ කතෝලික සභාවට අවශ්‍යතාවයක් නොමැති බවයි මෙහිදී කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණි පියතුමන් අවධාරණය කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,275FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img