අද (02) උදෑසන ඉහළ කරන්නාගොඩ ප්‍රදේශයේදී දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති නිලූෂ කවිරත්න ධාවනය කළ කැබ් රථය අනතුරට පත් වී තිබෙනවා.
වරකාගොඩ දෙස සිට ගමන් කරමින් සිටියදී ඉහළ කරන්නාගොඩ සංස්කෘතික මධ්‍යස්ථානය ආසන්නයේ වංගුවේ දී කැබ් රථය අඩි 30ක් පමණ ඉදිරියට ඇදී ගොස් ඉදිරියෙන් පැමිණි වැලි ලොරියක වැදී කානුවට වැටී මෙම අනතුර සිදුවී ඇති බවයි වරකාගොඩ පොලිසිය පවසන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ සභාපතිවරයා කැබ් රථය ධාවනය කරමින් සිට ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
අනතුරෙන් සභාපතිවරයාට හානියක් සිදුවී නොමැති අතර, කැබ් රථයේ වම්පස ඉදිරි කොටස සහ ලොරි රථය වැඳීම හේතුවෙන් කැබ් රථයේ බඳ කොටසට හානි සිදුවී තිබෙනවා.
අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වරකාගොඩ පොලිසිය රථවාහන අංශ නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා.