Home Sri Lanka News කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල උණුසුම් තත්ත්වයක්

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල උණුසුම් තත්ත්වයක්

0
7
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල උණුසුම් තත්ත්වයක්
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල උණුසුම් තත්ත්වයක්

“මර්දනයට එරෙහිව” නමින් විපක්ෂයේ පක්ෂ සාමාජිකයින් විසින් ආරම්භ කර ඇති විරෝධතාවයක් හේතුවෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ මේ වන විට උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

කෙසේවෙතත් මේ වනවිට අධිකරණ භූමියට ඇතුළු වන බැරැක්ක මාවත දෙසට විපක්ෂයේ විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක බිඳ දමා ඇතුළු වීමට උත්සාහ කරන බවයි වාර්තා වෙන්නේ.

මේ අතර, පොලිස් ජල ප්‍රහාරක රථ, කැරලි මර්දන ඒකකයේ භට පිරිස්, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සීරුවෙන් තබා තිබෙනවා.

මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ මාර්ග රැසක මාර්ග තදබදයක් ද හටගෙන ඇති අතර ඒ අනුව කොළඹ කොටුව සිට ලේක්හවුස් වටරවුම, කොම්පඤ්ඥවීදීය ඇතුළු මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here