26.1 C
Colombo
Monday, March 2, 2026

රත්නපුර සිර මැදිරියෙන් සැකකරුවෙකු පළායාම – පොලිසියේ‍ දෙදෙනෙකුගේ වැඩ තහනම්

Published:

අපරාධ නඩු කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් රැදවුම්භාරයෙන් පලායාම සිද්ධියට අදාළව රත්නපුර පොලිසියේ‍ නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රත්නපුර මුලස්ථාන පොලිසියට භාරදී තිබුණා.

සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු වන ඔහු රත්නපුර අංගම්මන ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබූ අතර, පෙරේදා රාත්‍රියේ වැසිකිලි යාමට අවශ්‍ය බව පවසා ඔහු පොලිසියෙන් පළාගොස් තිබුණා.

පළාගිය සැකකරුට මනුෂ්‍ය ඝාතන සිද්ධීන් දෙකක් සම්බන්ධ නඩු දෙකක් සහ විවෘත වරෙන්තු දෙකක් පවතින බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
7,342FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img