27.2 C
Colombo
Thursday, July 17, 2025

හෙද නිලධාරීන්ගේ විශ්‍රාම වයස ගැන අභියාචනාධිකරණය දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

Published:

රජයේ සේවයේ නියුතු ශ්‍රේණි හතරක හෙද හෙදියන් වයස අවුරුදු හැටේදී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) නියෝගයක් නිකුත් කළා.

ඊට අමතරව මෙම කරුණට අදාළව ගොනුකර ඇති පෙත්සම යළි විභාගයට ගන්නා ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණයට නියෝග කළේ.

අභියාචනාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය, නීතියට පටහැනි බවත් එය බල රහිත කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේ, යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.

රජයේ සේවකයින් වයස අවුරුදු හැටේදී අනිවාර්යය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළ අතර, ඊට එරෙහිව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ එහි සභාපති පූජ්‍ය මූරුත්තේට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු පිරිසක් විසින් රිට් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

එය විභාග කළ අභියාචනාධිකරණය කැබිනට් මණ්ඩලයේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වලමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළා.

කෙසේ වෙතත්, නීතියට පටහැනි අයුරින් අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බවත්, එවැනි නියෝගයක් නිකුත් කිරීමට අභියචනාධිකරණයට බලයක් නොමැති බව පවසමිනුයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,329FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img