24.5 C
Colombo
Wednesday, November 26, 2025

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධියට කෙහෙළිය ඇතුළු 12කට සිතාසි

Published:

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට ලබන 11 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ අද (07) සිතාසි නිකුත් කළා.

විත්තිකරුවන්ට එරෙහිව ඇති අධිචෝදනා පත්‍ර බාරදීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා මෙම සිතාසි නිකුත් කෙරුණා.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා 13ක් යටතේ චෝදනා ගොනුකර තිබෙනවා.

මෙම නඩුව මහාධිකරණ විනිසුරුවන් වන මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරුවරු මඩුල්ල මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img