අද දින දකුණු ඇමරිකාවට රික්ටර් මාපකයේ 7.5 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.
ඉන් සුනාමි තර්ජනයක් නොමැති බවයි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ.
දකුණු ඇමරිකාවේ දකුණු කෙළවර සහ ඇන්ටාක්ටිකාව අතර පිහිටි ජල කඳක් වන ඩ්‍රේක් පැසේජ් හි ද කම්පන වාර්තා වී ඇති බව සඳහන්.
මීට පෙර, භූමිකම්පාව 8.0 ක ප්‍රබලතාවකින් වාර්තා වූ නමුත්, එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පසුව එය 7.5 දක්වා පහත හෙලා තිබුණා.