24.5 C
Colombo
Tuesday, January 13, 2026

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා බවට සැක තවත් රසායන ද්‍රව්‍ය තොගයක්

Published:

තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකෙරන ද්‍රව්‍ය තොගයක් අද (07) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසින්ගෙන් ලැබුණ තොරතුරකට අනුව තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරින්, නටොල්පිටිය වැලිවැන්න හරස් මාවතට යාබදව පිහිටි ඉඩමක අද පෙරවරුවේ විශේෂ වැටලීමක් සිදුකර තිබුණා.

එහිදී එම ඉඩමේ තිබී සුදු පැහැති රසායන ද්‍රව්‍ය තොගයක් සොයාගැණුන අතර එම ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකරන බවයි පොලිසිය පැවසුවේ.

මෙම රසායනික ද්‍රව්‍ය ඊයේ මිද්දෙනිය, තලාව ප්‍රදේශයේ ඉඩමක් පරීක්ෂා කිරීමේදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යට බෙහෙවින් සමාන බව ද වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,994FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img