31.1 C
Colombo
Tuesday, July 8, 2025

STF නව අණදෙන නිලධාරී ලෙස DIG ලයනල් ගුණතිලක පත් කෙරේ…

Published:

STF නව අණදෙන නිලධාරී ලෙස DIG ලයනල් ගුණතිලක පත් කෙරේ…

පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරීවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක පත්කර තිබෙනවා. ඒ, හිටපු අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ්ගේ විශ්‍රාම යාමෙන් පසුවයි. නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක, පොලිස් විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරීවරයා ලෙස මීට පෙර කටයුතු කළා.

මේ අතර වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වශයෙන් පත්වූ රොහාන් ද සිල්වා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ ස්ථිර කර තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වූ වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා පත් කරන්නේ කවුරුන්දැයි ජාතික පොලිස් කොමිසම විසින්, පොලිස්පතිවරයාගෙන් විමසීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,218FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img