26.1 C
Colombo
Wednesday, October 15, 2025

මහජන විශ්වාසය වර්ධනය වන ආකාරයට අධිකරණ ක්‍රියාදාමය නගා සිටුවීමට පියවර ගන්නවා – නව අගවිනිසුරු

Published:

නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත්වුණා.

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නියෝජනය කරන විනිසුරුවරුන්, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ද මෙම උත්සවයට සහභාගි වුණා.

මෙහිදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මහජන විශ්වාසය වර්ධනය වන ආකාරයට අධිකරණ ක්‍රියාදාමය නගා සිටුවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළා.

නඩු කටයුතු වේගවත් කිරීම මෙන්ම අධිකරණ පද්ධතිය තුළ ඵලදායි සේවාවක් මහජනතාව වෙත ලබාදීම සඳහා අධිකරණ කටයුතු ඩිජිටල් කරණය කිරීම වේගවත් කරන බවත් ඔහු කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,270FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img