28.9 C
Colombo
Saturday, July 5, 2025

ලංකාවේ යෙවාන් 2025 යුරෝෆෝමියුලා විවෘත තරඟ වාරයේ පෙරමුණ ගනී

Published:

ශ්‍රී ලංකාවේ ‘ලයන් ඔන් ද ට්‍රැක්’ ලෙසින් හඳුන්වන යොවුන් ක්‍රීඩක යෙවාන් ඩේවිඩ්, ඊයේ 2025 යුරෝෆෝමියුලා විවෘත තරඟ වාරයේ, ජර්මනියේ හොකන්හයිම්රිං හි පැවැති 3 වැනි වටයේ තුන්වැනි තරඟයේදී තියුණු ජයග්‍රහණයක් ලබාගනිමින්, මෙම වාරයේ ඔහුගේ සිව්වැනි ජයග්‍රහණය තහවුරු කර ගත්තා.

ඩේවිඩ් මෙහිදී ඔහුගේ සුවිශේෂී කුසලතාව සහ අධිෂ්ඨානය ප්‍රදර්ශනය කළ අතර, මිනිත්තු 31 යි තත්පර 01.202 කින් ඔහුගේ වට 18 සම්පූර්ණ කරමින් පළමු ස්ථානයට පත්වුණා.

මෙම ජයග්‍රහණය, ශූරතාවලියේ ප්‍රබල තරඟකරුවකු ලෙස ඔහුගේ ස්ථානය තවදුරටත් තහවුරු කරනවා.

මෙම නවතම ජයග්‍රහණයත් සමඟ, යෙවාන් ඩේවිඩ් දැන් ලකුණු 163ක් ලබා ගනිමින් රියදුරු ශූරතා ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන සිටිනවා.

යුරෝෆෝමියුලා 2025 විවෘත තරඟාවලියේ තවත් ත්‍රාසජනක වටයක් ලබන මාසයේ හංගේරියාවේදී පැවැත්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,200FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img