30 C
Colombo
Saturday, July 5, 2025

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 244 යි – චරිත්ගෙන් සුපිරි ශතකයක්

Published:

බංග්ලාදේශයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (2) පැවැත්වෙන පළමු එක්දින තරගයේ දී ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් වුණා.

පන්දු 117 කට මුහුණදෙමින් ගොඩනැගූ ඔහුගේ ශතක ඉනිමේ හයේ පහර 4 ක් හා හතරේ පහර 6 ක් ඇතුළත්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49.2 කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 244 ක් පමණයි.

එහිදී නායකත්වයේ ඉනිමක් ගොඩනැගූ චරිත් අසලංක පන්දු 123 කට මුහුණදෙමින් ලකුණු 106 ක් රැස්කළා.

කුසල් මෙන්ඩිස් (45), ජනිත් ලියනගේ (29), මිලාන් රත්නායක (22) හා වනිඳු හසරංග (22) පිත්තෙන් දක්ෂතා දැක්වූවා.

බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහ්මඩ් (4/47) හා තන්සිම් හසන් (3/46) පන්දු යැවීමෙන් දක්ෂතා දක්වන්නට සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,200FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img