28.9 C
Colombo
Tuesday, July 8, 2025

ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශයට ලකුණු 286 ක ඉලක්කයක්

Published:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 7 ක දැවී ලකුණු 285 ක රැස් කළා.

එහිදී සිය 06 වන එක්දින ශතකය වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඒ අනුව කුසල් මෙන්ඩිස් ලකුණු 124 ක් රැස් කළ අතර ඊට 4 පහර 18 ල ඇතුළත්.

නායක චරිත් අසලංක ලකුණු 58 ක් වාර්තා කළා. පැතුම් නිස්සංක ලකුණු 35 යි.

පන්දු යැවීමේදී ටස්කින් අහමඩ් සහ මෙහිදි හසන් මිරාස් කඩුලු 2 බැගින් දවාගත්තා.

මේ අනුව බංග්ලාදේශයට තරගය ජය ගැනීම සඳහා දැන් ලකුණු 286 ක ඉලක්කයක් ලැබී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,219FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img