24.5 C
Colombo
Wednesday, November 26, 2025

ශ්‍රී ලංකාව‍ට ලකුණු 178 ක ඉලක්කයක්

Published:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය මේ වන වි‍ට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 177 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Towhid Hridoy ලකුණු 31 ක්, නායක Litton Das ලකුණු 76 ක් හා Shamim Hossain ලකුණු 48 ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු කඩුලු 3 ක් නුවන් තුෂාර කඩුලු 3 ක් මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හිමිවී ඇති ඉලක්කය ලකුණු 178 ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img