27.8 C
Colombo
Tuesday, August 26, 2025

ශ්‍රී ලංකාවට කඩුළු 7 ක විශිෂ්ට ජයක්

Published:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 154 ක් ලබා ගත්තා.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Parvez Hossain Emon ලකුණු 38 ක් ලබාගත් අතර Mehidy Hasan Miraz ලකුණු ලකුණු 29 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 2 ක්, දසුන් ශානක, ජෙෆ්රි වෙන්ඩසේ සහ නුවන් තුෂාර එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක ලකුණු 42 ක්, කුසල් ජනිත් පෙරේරා ලකුණු 24 ක් හා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා කැඳවාගෙන ගිය කුසල් මෙන්ඩිස් ලකුණු 73 ක් ලබාගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img