27.2 C
Colombo
Thursday, July 17, 2025

ශ්‍රී ලංකාවට ලකුණු 77 ක විශිෂ්ඨ ජයක්

Published:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 77 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (2) සමත් වුණා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක් චරිත් අසලංක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනූව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 244 ක් රැස් කළා.

පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්ශංක කිසිදු ලකුණක් නොලබාම දැවී ගිය අතර නිශාන් මධුශ්ක ලකුණු 06කට දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා.

අනතුරුව පිටියට පිවිසි කමිදු මෙන්ඩිස්ද ලකුණු නොලබා දැවී ගිය අතර ඉන් පසුව පිටියට එක්වූ චරිත් අසලංක හා කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළට ගෙන යාමට සමත් වුණා.

එහිදී කුසල් මෙන්ඩිස් පන්දු 43කදී ලකුණු 45ක්ද නායකත්වයේ විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 123කදී ලකුණු 106ක්ද රැස්කර ගත්තා.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී Taskin Ahmed පන්දු වාර 10ක් තුළ ලකුණු 47කට කඩුළු 4ක්ද, සිය මංගල එක්දින තරගය ක්‍රීඩා කළ Tanzim Hasan Sakib පන්දුවාර 9.2ක් තුළ ලකුණු 45කට කගුළු 3ක් දවා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 245 ක ඉලක්කයට පිළිතුරු ලෙස බංග්ලාදේශයට පන්දුවාර 35.5 කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 167 ක් පමණයි.

බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල මුලු ලකුණු 29 දී දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ වනිඳු හසරංග ලකුණු 10ක් පමණක් ලබාදෙමින් කඩුලු 4ක් දවාගත්තේය.එමෙන්ම කමිඳු මෙන්ඩිස් ද කඩුලු 3ක් දවාගත්තා.

තරගයේ වීරය චරිත් අසලංකයි.

මෙම ජයත් සමග තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,328FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img