සංචාරකයින් 158,971ක් සැප්තැම්බර් මාසය තුළ දී මෙරටට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසනවා.
එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 30.24%ක වැඩිවීමක්.
සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 49,697ක් පැමිණ ඇති අතර එය 31.3% ක්.
එක්සත් රාජධානියෙන් 10,527ක්, ජර්මන් 9,344ක්, චීනයෙන් 10,527ක් සහ ප්‍රංශ ජාතිකයින් 5,144ක් ද සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට සැප්තැම්බර් 30 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,725,494 ක්.
ඒ අතරින් සංචාරකයින් 375,292ක් ඉන්දියාවෙන්, 122,144ක් රුසියාවෙන් සහ 161,893ක් එක්සත් රාජධානියෙන් පැමිණි බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.