ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය අදට (02) යෙදී තිබෙනවා.
ඒ අනුව පක්ෂයේ සංවත්සර සැමරුම් උත්සවය පක්ෂ මූලස්ථානයේ දී අද පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ.
ඒ ආසන සංවිධායකවරු, සහ පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ ද සහභාගීත්වයෙන්.
සංවත්සරයත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු ද ආරම්භ කරන බවයි උහු සඳහන් කළේ.
ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් පැවැත්වීම සහ ආසන බලමණ්ඩල, සංවත්සරයෙන් පසුව ආරම්භ කරන බවද පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළා.