31.1 C
Colombo
Monday, September 8, 2025

සිම්බාබ්වේට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

Published:

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තුන්වන විස්සයි20 තරගයෙන් කඩුලු 08 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (7) සමත් වුණා.

ඒ තරග 3 කින් යුත් තරගාවලිය තරග 2-1 ක් ලෙස අවසන් කරමින් තරගාවලියේ ශූරතාව ද දිනාගනිමින්.

ලකුණු 192 ක ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී සපුරාගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වුණා.

ඒ තරගයේ 17.2 වන පන්දුවාරයේ දී.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ කමිල් මිශාර නොදැවී ලකුණු 73ක් රැස්කළා.

කුසල් ජනිත් නොදැවී ලකුණු 46 යි.

පැතුම් නිස්සංක ලකුණු 33 ක සහ කුසල් මෙන්ඩිස් ලකුණු 30 ක් රැස් කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 191ක් රැස්කළා.

එය විස්සයි20 තරගයකදී සිම්බාබ්වේ කණ්ඩායමෙන් හිමි වූ දැවැන්තම ඉලක්කයයි.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Tadiwanashe Marumani ලකුණු 51ක් රැස් කළ අතර නායක Sikandar Raza ලකුණු 28 ක් රැස් කළා.

Sean Williams ලකුණු 23යි.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂාන් හේමන්ත කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වූ අතර දුෂ්මන්ත චමීර කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ වීරයා ලෙස කමිල් මිශාරත් තරගාවලියේ වීරයා ලෙස දුෂ්මන්ත චමීරත් නම් කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,550FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img