25 C
Colombo
Monday, October 13, 2025

ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්වය පිළිබඳ වාර්තාවේ ශ්‍රී ලංකාව ස්ථාන 15 ක් ඉදිරි‍යට

Published:

ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්වය පිළිබඳව 2025 නවතම වාර්තාවට (GSoD) අනුව ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 15කින් ඉදිරියට පැමිණ කැපී පෙනෙන ප්‍රගතියක් ලබා තිබෙනවා.

Inteational IDEA ආයතනය විසින් නිකුත් කරන ලද මෙම වාර්තාවේ ශ්‍රේණිගත කිරීම් වගුවේ ශ්‍රී ලංකාව සඳහා “Year-on-year ranking change” යටතේයි මෙම සාධනීය ප්‍රතිඵලය වාර්තා වී ඇත්තේ.

මෙම දියුණුවට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ තේරී පත් වූ රජයක්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මාධ්‍ය නිදහස වැනි ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකවල ඇති වූ ප්‍රගතියයි.

විශේෂයෙන් “මාධ්‍ය නිදහස” සම්බන්ධයෙන් දියුණුවක් පෙන්නුම් කළ ආසියා-පැසිෆික් කලාපයේ ප්‍රධාන රටවල් දෙකෙන් එකක් ශ්‍රී ලංකාව බව වාර්තාව පෙන්වා දෙනවා.

2024 වසරේ පැවති මැතිවරණ හේතුවෙන් “නීතිය ස්ථාවරව ක්‍රියාත්මක කිරීම” සහ “පුද්ගලික අඛණ්ඩතාව සහ ආරක්ෂාව” යන ක්ෂේත්‍රවල ද දියුණුවක් දක්නට ලැබෙන බව මෙම වාර්තාවේ සඳහන්.

“පුරවැසි සහභාගීත්වය” සහ “මැතිවරණ සහභාගීත්වය” යන සාධක සම්බන්ධයෙන් ලෝකයේ ඉහළම 25% අතර ශ්‍රී ලංකාව සිටින බවද මෙහි වැඩිදුරටත් සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img