29.5 C
Colombo
Saturday, September 6, 2025

පොලිස් ඉතිහාසයේ පළමුවරට නියෝජ්‍ය පොලිස්පතිවරියන් හතරක්

Published:

මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් 4 දෙනෙකු පත්කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර ලබාදුන් ලැයිස්තුවට අදාළව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඊට අදාළ අනුමැතිය ලබාදුන්නා.

ඒ අනුව දර්ශිකා කුමාරි, පද්මිණී වීරසූරිය, රේණුකා ජයසුන්දර සහ නිශානි සෙනෙවිරත්න නව කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස වැඩ භාරගැනීමට නියමිතයි.

අදාළ උසස්වීම් මෙම වසරේ ජනවාරි මස 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කෙරෙන බවද සඳහන්.

ආධුනික උප පොලිස් පරීක්ෂකවරියන් ලෙස මින් තිදෙනෙකු 1997 වසරේදී ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වී තිබේ.

දර්ශිකා කුමාරි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අණ දෙන නිලධාරිනිය ලෙස මේ වනවිටත් කටයුතු කරනු ලබන අතර ඇය එම මූලස්ථානයේ පළමු කාන්තා අනදෙණ නිලධාරිනියද වනවා.

මේ වනවිට කළුතර දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පද්මිණී වීරසූරිය කටයුතු කරන අතර ඇය පොලිස් ඉතිහාසයේ දිස්ත්‍රික්කයක් භාරව කටයුතු කළ පළමු නිලධාරිනියයි.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රේණුකා ජයසුන්දර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාවේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස කටයුතු කරන අතර නිශානි සෙනෙවිරත්න පර්යේෂණ හා තොරතුරු කොට්ඨාසයේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස කටයුතු කරනවා.

ඇය මෙම සිව්දෙනා අතරින් ජ්‍යේෂ්ඨතම නිලධාරිනිය වන අතර ඇය දීර්ඝ කාලයක් රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,513FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img