28.4 C
Colombo
Sunday, July 6, 2025

අනුරාධපුරයට සහ මිහින්තලයට විශේෂ රථවාහන සැලැස්මක්

Published:

පොසොන් උත්සවයට අදාළ රථ ගාල් සැලැස්මේ සිතියම මාධ්‍ය වෙත නිකුත්කර තිබෙනවා. 

අනුරාධපුර පූජා නගරයට ඇතුලුවීම සඳහා පණ්ඩුලගම හංදිය, පොතානේගම හංදිය, ජයන්ති වටරවුම, හා ලෝලුගස් වැව වටරවුම භාවිත කළ හැකි බවයි එහි සඳහන්. 

මේ අනූව අනුරාධපුරය පූජා භූමිය තුළ රථ ගාල් 21 ක්, ක්‍රියාත්මකයි. 

එමෙන්ම මිහින්තලය පූජා භූමිය තුළ රථ ගාල් 07 ක් ස්ථාපිත කර තිබෙනවා. 

බැතිමතුන් පැමිණෙන රථවාහන මෙම නම් කරන ලද ස්ථානවල නවතා තැබීමට පියවර ගන්නා ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරන්නේ. 

අනුරාධපුරය පූජා භූමිය තුල රථ ගාල් 21

01. රුවන්වැලි සෑය රථ ගාල
02. රුවන්වැලි සෑය ප්‍රභූ රථ ගාල
03. මිරිසවැටිය රථ ගාල
04. වට වන්දනා රථ ගාල
05. ඉසුරුමුණිය පාසල් රථ ගාල
06. ථූපාරාම සුසාන භූමිය රථ ගාල
07. සඳහිරු සෑය රථ ගාල
08. පැරණි භික්ෂු විද්‍යාල රථ ගාල
09. අභයගිරි රථ ගාල
10. ලංකාරාම රථ ගාල
11. සමාධි පිළිම රථ ගාල
12. ජේථවනාරාම රථ ගාල
13. නෙල්ලිකුලම පාසල් රථ ගාල
14. පුරවිද්‍යා හන්දිය රථ ගාල
15. පැරණි බන්ධනාගාර රථ ගාල
16. කුරුණැගල හන්දිය රථ ගාල
17.අක්කර 08 රථ ගාල
18.පැරණි පොලිස් භූමි රථ ගාල
19.පැරණි පොලිස් භූමි ප්‍රභූ රථ ගාල
20.සඳකඩ පහණ රථ ගාල
21.කුට්ටම් පොකුණ රථ ගාල

මිහින්තලය පූජා භූමිය තුල රථ ගාල් 07 

01.ඉසුරු උයන රථ ගාල
02. තිස්ස ක්‍රිඩාංගන රථ ගාල
03.නව රථ ගාල
04.අඹකොටුව රථ ගාල
05.කඳු පාමුල රථ ගාල
06. කළුදිය පොකුණ රථ ගාල
07.ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිල නිවාස රථ ගාල

අදාළ සිතියම පහතින් දැක්වේ,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img