පැරීසියේ හෝටලයක් පාමුල මියගොස් සිටියදී සොයාගත්, ප්‍රංශයේ දකුණු අප්‍රිකානු තානාපතිවරයා තම බිරිඳ වෙත සියදිවි නසාගැනීමේ සටහනක්තබා ගොස් ඇති බව එරට රජයේ අභිචෝදක කාර්යාලය පවසා තිබෙනවා.
තානාපති කොසිනාති එම්මානුවෙල් ම්තෙත්වාගේ මළසිරුර, ඔහු කාමරයක් වෙන් කරගෙන සිටි, බටහිර පැරීසියේ පිහිටි හෝටලයේ පාමුලදී ඊයේ උදෑසන ආරක්ෂක නිලධාරියෙකු විසින් සොයා ගන්නා ලද බව අභිචෝදකවරයා පවසා තිබෙනවා.
ඔහුගේ බිරිඳ පොලිසියට හෙළිකර තිබුණේ සඳුදා සවස ඔහු සමාව ඉල්ලා සිටිමින් තම ජීවිතය අවසන් කිරීමේ අභිප්‍රාය ප්‍රකාශ කරන පණිවිඩයක් ලැබීමෙන් පසු, තම සැමියා අතුරුදහන් වූ බවටයි.
අභිචෝදකවරයා පැවසුවේ 22 මහලේ සිටි ම්තෙත්වාගේ හෝටල් කාමරයේ ජනේලයේ ආරක්ෂක යාන්ත්‍රණය කතුරකින් බලහත්කාරයෙන් විවෘත කර ඇති බවයි. කතුර එම ස්ථානයේ තබා තිබූ බව ද සඳහන්.
නමුත් විමර්ශකයින්ට කිසිදු පොරබැදීමක සලකුණක් හෝ ඖෂධ හෝ මත්ද්‍රව්‍යවල හෝඩුවාවන් හමු නොවූ බව ද වාර්තා වී තිබුණා.
මූලික විමර්ශනවලින් පෙනී යන්නේ මෙය තුන්වන පාර්ශ්ව මැදිහත්වීමකින් තොරවහිතාමතා කරන ලද ක්‍රියාවක්විය හැකි බවයි.
දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුව ම්තෙත්වාගේ මරණය තහවුරු කළ අතර, සිද්ධියේ තත්ත්වයන් ප්‍රංශ බලධාරීන් විසින් විමර්ශනය කරමින් පවතින බව ද විදෙස් වාර්තාවල දැක්වෙනවා.
විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “තානාපති ම්තෙත්වා රටේ විශිෂ්ට සේවකයෙක් මෙන්ම ඔහුගේ වෘත්තීය ජීවිතය තීරණාත්මක අමාත්‍ය ධුරයන්හි කැපවූ සේවයක් කළ අයෙක්” යනුවෙන්. ඔවුන් ඔහුගේ මරණය ජාතික පාඩුවක් ලෙසද හඳුන්වා තිබුණා.
තානාපති කාර්යාලයේ වෙබ් අඩවියේ සඳහන් වන්නේ ම්තෙත්වා 2014 සිට 2019 දක්වා දකුණු අප්‍රිකාවේ කලා හා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බවත්, 2019 සිට 2023 දක්වා ඔහුගේ අමාත්‍යාංශයට ක්‍රීඩා ද එක් වූ බවයි.




Hey, downloaded the nbetapp. Runs pretty smooth on my phone and easy to get around. Seems legit if you’re into that sort of thing: nbetapp
Hey guys! Just checked out jiliaaacom and it seems promising. Still poking around, but the interface is clean and easy to navigate. Will definitely keep an eye on this one! jiliaaacom