30.6 C
Colombo
Wednesday, August 20, 2025

ජීවිතේ සමහර යාලුකම්……

Published:

ජීවිතේ සමහර යාලුකම්…… ඒව යාලුකම් වලට එහා ගිය මිදීමක් නැති බැඳීම්. සීමා මායිම්, නීති රීති නැති වැරදියට හිතයිද දන් නෑ කියලා රඟපාන්න ඕන නැති කෙටියෙන්ම කිව්වොත් අමුවෙන්ම ජීවත් වෙන්න පුළුවන් බැඳීම්….

සමහරවෙලාවට ආදරෙත් එක්ක පැටලෙන, ඒත් ආදරේටත් වඩා නිදහස් බැඳීම්.

වගකීම් යුතුකම් ඉටු වුණත් නූනත් අයිතිවාසිකම් රැකුණත් නැතත් ඒ කිසිදෙයක් නිසා අපිට අපිව හංගන්න සිද්ධ නොවෙන මවාගෙන ජීවත් වෙන්න සිද්ධ නොවෙන බැඳීම්….

ඒ වගේ ම වගකීම් යුතුකම් නීති රීති මැද හිරවෙලා ගෙවන ජීවිතේ එක තප්පරෙන් ඒ හැම පීඩනයක්ම නැතිකරලා (පිස්සු නටලා හිනාවෙන) බැඳීම්….

ඕන ම වෙලාවෙදි මතක් වෙන බැඳීම්. කොච්චර තරහ වුණත් තරහවෙලා කොච්චර ඈතට ගියත් හිතින් ගැටගහලා තියාගන්න යාලුකම්. මොනතරම් දුරක ගියත් එක තප්පරෙන් ළඟට ඇදලා ගන්න බැඳීම්….

යන්න ම ඕන වෙලාවකදිවත් නොයා ඉන්න හේතුවක් හොයන බැඳීම්. ජීවිතේ මුදුනින්ම හැමදාටම තියාගන්න හිතෙන ඒත් එහෙම තැනකදිම බිඳෙන්න පුළුවන් බැඳීම්…..

ජීවිතේ ආලෝකවත්ම සුන්දරම තැන්වලින් නෙවෙයි හොඳම ගතිගුණවලින් නෙවෙයි ජීවිතේ අඳුරු ම දුෂ්කර ම තැන්වලින් නරක ම ගතිගුණවලින් අපිව කියවන ඒත් අත්නොහරින බැඳීම්…

ජීවිතේට සැහැල්ලුවක්… පහසුවක්…. වුණ එහෙම බැඳීම් ජීවිතේට බරක් කරගන්න එපා….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,371FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img