24.5 C
Colombo
Friday, February 27, 2026

ලන්ඩන් නුවරදී කුඩා ගුවන් යානයක් කඩා වැටී ගිනි ගනී

Published:

එංගලන්තයේ ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන්තොටුපළෙන් ගුවන්ගත වූ කුඩා ගුවන් යානයක් ඉන් මද වේලාවකට පසු කඩා වැටි ගිනිගෙන ඇති බව වාර්තා වෙනවා.

ඊයේ (13) සිදුවූ මෙම අනතුරින් පසු සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගත්තා.

පොලීසිය, හදිසි සේවා සහ ගුවන් අනතුරු විමර්ශකයින් අනතුර සිදු වූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදුකරන බවත් අනතුරින් තුවාල ලැබූවන් සම්බන්ධයෙන් තවමත් තොරතුරු වාර්තා වී නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම ගුවන් යානය ලන්දේසි සමාගමක් වන සියුෂ් ඒවියේෂන් සමාගමට අයත් SUZ1 වර්ගයේ ගුවන් යානයක් බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,495FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img