27.8 C
Colombo
Monday, July 7, 2025

ගම්පොළ නගර සභාවේ, බෙන්තොට ප්‍රදේශීය සභාවේ බලය සජබට

Published:

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි ගම්පොළ නගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරය ලබා ගැනීමටත් සමගි ජන බලවේගයට අද (24) හැකි වුණා.

ගම්පොළ නගර සභාවේ මංගල සැසිවාරය අද පැවැත්වුණා.

එහිදී නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ හිරුක වීරරත්න නව නගරාධිපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත් වුණා.

මේ අතර විපක්ෂයට වැඩි බහුතරයක් හිමි බෙන්තොට ප්‍රදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් සමගි ජන බලවේගයට හැකි වුණා.

සභාවේ මංගල සැසිවාරය පැවැති අද (24) දින සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ලසන්ත විජේවර්ධන ප්‍රදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත්කර ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img