සමගි ජන බලවේග පක්ෂයේ සාමාජිකයින් 6 දෙනකුගේ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ බේරුවල නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජනබලවේග පක්ෂයට සහය පළ කිරීම හේතුවෙන්.
සමගි ජන බලවේගය විසින් මෙම පියවර ගත් බවයි සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර පවසන්නේ.