31.1 C
Colombo
Thursday, August 21, 2025

රට පුරා දුම්රිය ස්ථානවල සංඥා පද්ධති විශේෂ පරීක්ෂාවකට

Published:

දිවයිනේ සියලුම දුම්රිය ස්ථානවල සංඥා පද්ධති විශේෂ පරීක්ෂාවකට ලක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුවේ සිට කළුතර දක්වා වන දුම්රිය සංඥා පද්ධතිය අද හා හෙට විශේෂ පරීක්ෂාවකට ලක්කෙරෙන බවයි.

එසේම පානදුර සිට මොරටුව දක්වා කොටස පරීක්ෂා කළ බවත් එය ආරක්ෂිත බවට දුම්රිය සංඥා නිලධාරීන් සහතිකයක් ලබාදුන් බවත් ඔහු සඳහන් කළා.

මුහුදුබඩ මාර්ගයේ සංඥා පද්ධතිය පිළිබඳ ගැටලු‍වක් මතුවූයේ පෙරේදා දිනයේ මොරටුව මෝදර ප්‍රදේශයේ දුම්රිය පීල්ලක් කැඩී යාම හේතුවෙන් සාගරිකා දුම්රිය එම ස්ථානයේ නතර කිරිමත් සමගයි.

දුම්රිය නතර කිරීමත් සමග එම දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දැමුණා.

එසේ තිබියදී පානදුර සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ධාවනය කෙරුණේ බාධාවකින් තොරව දුම්රිය ඉදිරියට ධාවනය කළ හැකි බව අගවන කොළ පැහැති ආලෝකය සංඥාල පුවරුවල දිස්වීම හේතුවෙනුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,369FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img