අද (15) අලුයම කොහුවල කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර පලාගොස් තිබෙනවා.
සැකකරුවන් විසින් නිවසේ ගේට්ටුවට හා නිවස දෙසට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබීමෙන් ජිවිත හානි හෝ තුවාල කිසිවක් සිදුව නොමැති බව පොලීසිය පවසනවා.
මුදල් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි සැක් කෙරෙන්නේ.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.