ඇතැම් පුද්ගලයින් සහ ආයතන විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධයෙන් පදනම් විරහිත සහ නොමඟ යවන සුළු ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලට පත්ව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.
එමෙන්ම, කොමිෂන් සභාව පිළිබඳ වැරදි සහගත ප්‍රචාර සිදුකරන හෝ කොමිෂන් සභාවට අවමන් කරන පුද්ගලයින් හෝ ආයතන සම්බන්ධයෙන් දූෂණ විරෝධී පනත සහ අදාළ අනෙකුත් නීති යටතේ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කොමිෂන් සභාව පසුබට නොවන බවද එම නිවේදනය මගින් ප්‍රකාශ කර තිබෙනවා.
- උපුටාගැනීම –
විවිධ සැඟවුණු අරමුණු සහිත ව කටයුතු කරන ඇතැම් පුද්ගලයින් හා ආයතන විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව සම්බන්ධයෙන් පදනම් විරහිත සහ නොමඟ යවන සුළු ප්‍රකාශ විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ඇතුළු විවිධ ක්‍රම ඔස්සේ ප්‍රචාරය කිරීමේ යෙදී සිටින බව කොමිෂන් සභාව දැඩි කනස්සල්ලෙන් යුතු ව නිරීක්ෂණය කරනු ලබයි.
මෙවැනි ක්‍රියා තුළින් කොමිෂන් සභාවේ කීර්ති නාමයට හානි පමුණුවන අතරම, දැනට සිදුකෙරෙමින් පවතින ප්‍රධාන විමර්ශන වෙතින් ජනතා අවධානය වෙනතකට යොමු කිරීම මෙන්ම කොමිෂන් සභාව විසින් සිදුකරන කටයුතු නීත්‍යාණුකූල ව කෙරෙන්නේ ද යන්න සම්බන්ධයෙන් විකෘති සහගත මතයක් නිර්මාණය කිරීමට ද මෙවැනි ක්‍රියා හේතු වේ.
කොමිෂන් සභාව සතු බලය ස්වාධීනව හා බියක් හෝ පක්ෂාග්‍රාහීත්වයක් නොමැතිව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතෙන් තමන් වෙත ව්‍යවස්ථාපිත බලතල පවරා ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව නැවත වරක් සිහිපත් කර සිටියි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකමක් වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, යුත්තිය පසඳලීමට බාධා කරන හෝ දුෂණය පිටුදැකීමේ සටන සම්බන්ධයෙන් මහජනයා තුළ ඇති විශ්වාසය අවතක්සේරු කරන පදනම් විරහිත ප්‍රකාශ ප්‍රචාරය කිරීම සඳහා අවභාවිතා කළ නොහැකි බව කොමිෂන් සභාව අවධාරණය කර සිටී.
ඒ අනුව, කොමිෂන් සභාව පිළිබඳ වැරදිසහගත ප්‍රචාර සිදුකරන හෝ කොමිෂන් සභාවට හෝ එහි කටයුතුවලට අවමන් කරන පුද්ගලයින් හෝ ආයතන සම්බන්ධයෙන් දුෂණ විරෝධි පනත සහ අදාල අනෙකුත් නීති යටතේ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කොමිෂන් සභාව පසුබට නොවනු ඇත.
අල්ලස් සහ දුෂණ සම්බන්ධ විමර්ශන කඩිසරව හා අපක්ෂපාතීව නීතියට අනුකූලව සිදු කිරීම සඳහා කොමිෂන් සභාව තුළ වූ නොසැලෙන කැපවීම කොමිෂන් සභාව විසින් නැවතත් තහවුරු කර සිටින අතර, මෙම අතිශය වැදගත් කර්තව්‍ය සම්බන්ධයෙන් ජනතාව නොමඟ යැවීමට සහ ජනතා අවධානය වෙනතට යොමු කිරීමට දරන උත්සාහයන් පිලිබඳව අවදියෙන් සිටින ලෙස කොමිෂන් සභාව මහජනතාව ගෙන් ඉල්ලා සිටියි.
- උපුටා ගැනීම අවසන් –




Yo! xoilac365m is the place to be for non-stop action. Easy to navigate. Check it out at xoilac365m!
Downloaded bn55gameapk a while ago, needs an update. Hope this helps. Grab it here bn55gameapk.