කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව මේ වනවිට තරකර ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව එහි ආරක්ෂාවට පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය කැඳවා ඇති බව සඳහන්.
අධිකරණ පරිශ්‍රයට ඇතුළු වන පුද්ගලයින්ගේ නඩු අංක පරීක්ෂා කර ගමන්මලු සහ පුද්ගලයින් දැඩි ලෙස පරීක්ෂාවට ලක්කරන අතර කිව් මාර්ගයෙහි (Kew Road) පදිංචිකරුවන්ට හා නීතිඥවරුන්ට පමණක් එම මාර්ගයට ඇතුළු විය හැකියි.
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතයි.
මේ වන විට හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහු අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතුව තිබෙනවා.
මේ අතර කොළඹ ජාතික රෝහලට සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව ද අද (26) උදෑසන සිට තරකර ඇති අයුරු දැකගත හැකි වුණා.
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිරීක්ෂණය මත තබාගත යුතු බවට වන නිර්දේශ හේතුවෙන් බොහෝදුරට ඔහු අද (26) අධිකරණයට ඉදිරිපත් කිරීම නොහැකිවනු ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ZOOM තාක්ෂණය ඔස්සේ හෝ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව නීති කෘත්‍ය සඳහා ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ හොත් ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ හැකි බවයි.