නැගෙනහිර පළාතේ සංඝනායක හිමිනමක් සමාජ මාධ්‍ය ඔස්සේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට සංසරණය වන පුවත සම්බන්ධයෙන් කරුඛු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
එම පුවතට අදාළව සංඝයා වහන්සේ වෙත ඇමති ආරක්ෂක ඒකකයේ නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවා තිබූ අතර, ඉන් අතිරික්ත නිලධාරීන් කළමනාකරණය සිදුකර මෙම නිලධාරීන් කොළඹ ඇමති ආරක්ෂක ඒකකයේ සිට මෙම රාජකාරිය සඳහා මුදා හැර ආරක්ෂක කටයුතු පවත්වාගෙන ගිය බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ.
කෙසේ වුවද කොළඹ සිට මෙම නිලධාරීන් නැගෙනහිර පළාතේ රාජකාරී සඳහා යෙදවීමේදී ඇතිවූ පරිපාලන ගැටලුවක් හේතුවෙන් අදාළ පොලිස් බල ප්‍රදේශයේ පොලිසිය මගින් ආරක්ෂාව සැලසීමට කරනු ලැබූ පරිපාලනය පහසු කිරීමේ යෝජනාවක් අනුව එසේ කටයුතු කිරීමට සැලසුම් කළ නමුත්, කිසිදු අවස්ථාවක ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතුකර නොමැති බවයි පොලිසිය පවසන්නේ.
එම ආරක්ෂාව පෙර පරිදිම සංඝයා වහන්සේ වෙත ලබාදීම සඳහා කටයුතු සිදුකර තිබෙන බවද පොලිසිය අවධාරණය කරනවා.
