29 C
Colombo
Tuesday, October 14, 2025

ශිෂ්‍යත්ව උපකාරක පන්ති 6 වැනිදා මැදියම් රැයෙන් පසු තහනම්

Published:

එළැඹෙන අගෝස්තු මස 10 වැනි දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය නිමිත්තෙන් අගෝස්තු මස 06 වැනි දින මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් එම විභාගය සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විශයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, උක්ත විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් හෝ සමාජ මාධ්‍ය ගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වන බවයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදි පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,269FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img