31.7 C
Colombo
Saturday, July 5, 2025

ලුණු මිල පහළට

Published:

පාරිභෝගික භාණ්ඩ මිල නියාමනය පිළිබඳ රජයේ බලයලත් ආයතනය වන පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව (Consumer Affairs Council) සමග ඇති කර ගත් එකඟතාවය අනුව පාරිභෝගික වෙළඳපොළේ ලුණු මිල පහත හෙළීම සඳහා කටයුතු කරන බව ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය නිවේදනය කර තිබෙනවා.

පසුගිය දිනවල රජ්‍ය විසින් ආනයන සීමා ලිහිල් කිරීම අනුව, අවශ්‍ය තරම් ලුණු තොග ලැබී ඇති බැවින් ආනයනික කෑමට ගන්නා ලුණු (SLS සහතිකය/ලාංඡනය රහිත) පහත සඳහන් උපරිම සිල්ලර මිල සීමාවන්ට (Maximum Retail Price) යටත්ව නිකුත් කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

කැට ලුණු (Crystal Salt) 1Kg – Rs. 180/-
ලුණු කුඩු (Table Salt) IKg Rs. 240/-
ලුණු කුඩු (Table Salt) 400g Rs. 120/-

ඉහත මිල ගණන් යටතේ ඇසුරුම් කරන ලද ලුණු දිවයින පුරා බෙදා හැරීම සඳහා දින කීපයක් ගත විය හැකි බවත් ඉන් අනතුරුව එම මිල ගණන් යටතේ නිෂ්පාදකයන් විසින් ඇසුරුම් කළ ලුණු, මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමිවන බවත් එම සංගමය සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,200FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img