වත්කම් බැරකම් ප්‍රකාශ ලබානු දුන් විධායක සහ මාණ්ඩලික ශ්‍රේණිවල රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප්, ඊයේ සිට කප්පාදු කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
2025 මාර්තු 31 වැනිදා දක්වා වන වාර්ෂික වත්කම් බැරකම් ලේඛණ, එලෙස අල්ලස් කොමිසමට කැඳවා තිබුණා.
විෂය භාර අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට රාජ්‍ය නිලධාරීන්ට දී තිබූ කාලය, ජුනි 30 වැනිදායින් අවසන් වූ බවයි.
එම කාලසීමාව තුළ අදාළ ප්‍රකාශ ලබානුදුන් විධායක සහ මාණ්ඩලික ශ්‍රේණිවල නිලධාරීන්ට දින 14 ක් ඇතුළත ඒවා ලබාදෙන්නැයි අවවාදාත්මක ලිපි යොමුකර තිබූ බව සඳහන්.
එම කාලසීමාව ද ඊයෙන් අවසන් වුණා.
මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ නුදුන් නිලධාරීන්ගේ ලැයිස්තුව රාජ්‍ය ආයතන ප්‍රධානීන් අල්ලස් කොමිසමට භාර දිය යුතුයි.
ඒ අනුව අද සිට අදාළ රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අයකර ගැනීමට නියමිතයි.
ඒ යටතේ මූලික වැටුපෙන් එක් දිනකට තිහෙන් එක බැගින් කප්පාදු කරන බවයි වාර්තා වන්නේ.
මේ අතර ඉදිරියේදී සෙසු රාජ්‍ය සේවකයන්ගෙන් ද, වත්කම් බැරකම් ප්‍රකාශ කැඳවීමට අල්ලස් කොමිසම සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.