27.2 C
Colombo
Monday, July 7, 2025

අධිකරණයට ඉදිරිපත් වූ සජින් වාස් ගුණවර්ධන ලක්ෂ 25 ශරීර ඇප 4ක් මත මුදා හරී

Published:

රුපියල් ලක්ෂ 369 ක ආදායම් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අද දින අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

සැකකාර සජින් වාස් ගුණවර්ධන සිය නීතිඥවරයා මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් වුණා.

ඉන් අනතුරුව නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියම කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img