27.2 C
Colombo
Friday, February 27, 2026

ප්‍රදේශ රැසක මුහුද රළුවෙයි; ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීම්

Published:

හම්බන්තොට හරහා ගාල්ල සිට මාතර සහ පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 55-60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 පමණ දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව සඳහන්.

මීගමුව සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ උස මීටර් 2.5-3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවටයි සඳහන් වෙන්නේ.

මේ හේතුවෙන් මීගමුව සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා දක්වා වන ප්‍රදේශ වල මුහුදු රළ ගොඩ බිමට පැමිණීමේ හැකියාවක් ද පවතිනවා.

එමෙන්ම මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img