ආන්දෝලනාත්මක ජීප් රථ ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි ඇප මත මුදා හැර තිබෙනවා.
මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුව අධිකරණය මගින් සැකකරු අද දින (01) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
මෙම අධිකරණ කටයුත්තටම පෙනී සිටීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෝසමක් මගින් ඇප ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ගේ පුත් රසික බුද්ධික විතාන ද අද දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියා.
එහිදී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි ලක්ෂ 20ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණා.