30 C
Colombo
Saturday, July 5, 2025

අල්ලස් චෝදනාවට රිමාන්ඩ් කර සිටි RMV නිලධාරීන්ට ඇප

Published:

මෝටර් රථවාහන දෙපාර්තමෙන්තුවෙන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණී ජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 40කට ආසන්න මුදලක් සන්තකයේ තබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගර කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය නියම කළා.

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර දෙකක් මත මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ට රුපියල් 25,000 බැගින් මුදල් ඇප ද නියම කළා.

සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවත් ඔවුන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඇතුළු වීම තහනම් බවත් මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනයට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබාගත් CCTV දර්ශනවල ඩී.වී.ආර් යන්ත්‍රය වැඩිදුර පරීක්ෂණ සඳහා මොරටුව විශ්වවද්‍යාලය වෙත යොමු කර තිබෙන බවත් සඳහන් කළා.

දැනට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව අප්‍රේල් මස 09 වනදා සිට මැයි මස 29 වන දක්වා කාලසීමාවට අදාළ යන්ත්‍රයේ දත්ත මකා තිබෙන බවට කරුණු අනාවරණය වී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.

මෙම සිද්ධියට අදාළව මූල්‍ය ආයතන කිහිපයකින් සහ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන බවත් ඔවුන් කියා සිටියා.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි සාලිය පීරිස් සහ අනුජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයින් ඇප මත මුදා හරින ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් මුදා හැරීමට නියම කළ අතර නඩුව නැවත නොවැම්බර් මස 28 වන දා කැඳවන ලෙසත් නියම කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,200FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img