30.6 C
Colombo
Monday, August 25, 2025

හිටපු ජනපති රනිල් නිදහස් කරන්නැයි එරික් සෝල්හයිම්ගෙන් ඉල්ලීමක්

Published:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වහාම නිදහස් කරන ලෙස ඉල්ලා නෝර්වේහි ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් , ප්‍රකාශයක් නිකුත්කර තිබෙනවා.

2022 වසරේදී ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේ රට බේරා ගැනීමට නැගී සිටි නායකයා රනිල් වික්‍රමසිංහ බවයි එම ප්‍රකාශය මගින් සෝල්හයිම් පෙන්වා දෙන්නේ.

ඔහු තැබූ සම්පූර්ණ සටහන පහතින්.

කරුණාකර රනිල් වික්‍රමසිංහ වහාම නිදහස් කරන්න!

”ශ්‍රී ලංකාවේ, දකුණු ආසියාවේ සහ ලොව පුරා සිටින බොහෝ නායකයින් සමග එක්ව, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වහාම නිදහස් කරන ලෙස මම ඉල්ලා සිටිමි. රඳවා තබාගෙන සිටින කාලය තුළ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අප සියලු දෙනා කනස්සල්ලට පත්ව සිටිමු.

2022 වසරේදී රට දරුණුතම ආර්ථික හා දේශපාලන ව්‍යසනයකට මුහුණ දුන් විට ශ්‍රී ලංකාව බේරා ගැනීමට නැගී සිටි නායකයා රනිල් විය.

රනිල්ට එරෙහි චෝදනා පදනම් විරහිත ය. ඒවා සත්‍ය වුවද, යුරෝපයේ අපරාධයක් හෝ පිළිගත නොහැකි හැසිරීමක් ලෙස ඒවා නොසැලකේ.

දූෂණයට එරෙහිව ශ්‍රී ලංකා රජය දියත් කරන ව්‍යාපාරයට මම පූර්ණ සහයෝගය ලබා දෙමි, නමුත් එය සැබෑ ගැටලු කෙරෙහි අවධානය යොමු කළ යුතුය!”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,389FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img