25 C
Colombo
Sunday, October 12, 2025

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේ කැපී පෙනෙන ප්‍රගතියක් – IMF

Published:

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසනවා.

අමෙරිකාවේ වොෂින්ටන් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එම අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලි කොසෑක් මහත්මිය මේ බව සඳහන් කළා.

එසේම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ වෙමින් පවතින බව ඇය කියා සිටියා.

ආර්ථික අර්බුදයෙන් පසු මුල්වරට මෙර ආර්ථික වර්ධනය 05% ඉක්මවා ඇති බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශ කරනවා.

උද්ධමනය අඩුවීම සහ රාජ්‍ය ආදායම රැස්කිරීම වර්ධනීය තත්ත්වයක් පෙන්නුම් කිරීම ඉතා යහපත් ප්‍රවණතා බව ජුලි කොසෑක් මහත්මිය පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සංචිත ඉහළ මට්ටකට ළඟා වී ඇති බවද එහිදී සඳහන් කළා.

ආදායම් දළ දේශීය අනුපාතිකය සියයට 8.2 සිට සියයට 13.5ක් දක්වා වර්ධනය වීම ද බෙහෙවින් සාධනීය ලක්ෂණයක් බවයි ජුලි කොසෑක් මහත්මිය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,266FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img